Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බලශක්ති අමාත්‍යාංශය මගින් පාලනය වන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා බනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම යන ආයතනවලට අදාළව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා වෙත පැමිණි දෙකක් සිදුකර තිබේ.
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්වීමෙන් පසු රජයට සම්බන්ධ පක්ෂ අපේක්ෂකයන් ප්‍රවර්ධනය සඳහා ලංකා බනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ තොග ගබඩා පර්යන්ත සමාගමේ ඉහළ කළමනාකාරීත්වය වර්තමාන ජනාධිපතිවරයාගේ සහ රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළ මේ වනතුරුත් ක්‍රියාත්මක කරන බව පෙන්වා දෙමින් මෙම පැමිණිලි දෙක මැතිවරණ කොමිෂන් වෙත ඉදිරිපත් කර ඇත.
මෙම පැමිණිලි ඉදිරිපත් කර ඇත්තේ කොලොන්නාව නගර සභාවේ හිටපු උප සභාපති A.D.අනුර ලියනගේ සහ සමාජ ක්‍රියාකාරිකයකු වන ඉන්දික කුරුප්පු ආරච්චි විසිනි.
පැමිණිලිකරුවන් තවදුරටත් පවසා සිටියේ ලංකා බනිජතෙල් නීතිගත සංස්ථාව මගින් 2023 වසරේ පුවත්පත් දැන්වීමක් පළකර නව ඉන්ධනහල් බලපත්‍ර ලබාදීමට අයදුම්පත් කැඳවා ඇති අතර ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්වීමෙන් පසු මෙම ක්‍රියාවලිය සිදුකිරීම මගින් රජයේ මැති ඇමැතිවරුන්ට හිතවතුන්ට ධනපතියන්ට බලපත්‍ර ලබා දීමේ අවදානමක් ඇති බවයි.
රජයේ පක්ෂ මගින් ඉදිරිපත් වන ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සහ ප්‍රවර්ධන කටයුතු සඳහා මෙම ක්‍රියාවලිය මගින් විශාල දායකත්වයක් ලැබෙන බවත් විපක්ෂයෙන් ඉදිරිපත් වන සියලු අපේක්ෂකයන්ට මෙමගින් විශාල පාඩුවක් සිදුවන බවත් පැමිණිල්ල මගින් පෙන්වා දී ඇත.
එසේම ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්වීමෙන් පසුවද රජයේ ප්‍රතිපත්තියයි ප්‍රකාශයට පත් කරමින් ලංකා බනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ තොග ගබඩා පර්යන්ත සමාගමේ සේවකයන් අඩුකිරීමේ පිරිස් බල සැකැස්මක් සකස් කරමින් වර්තමාන රජයට සම්බන්ධ වෘත්තීය සමීතිවල සේවකයන් පමණක් ඊට ඇතුළත් කර අනුමත කර ගැනීමට කටයුතු කරමින් සිටින බවට ද පැමිණිලි කර ඇත.
එබැවින් ජනාධිපතිවරණය අවසන් වනතුරු පිරිස් බල සැකැස්ම අනුමත කිරීම නවත්වාලන ලෙසත් මෙම පැමිණිලි මගින් ඉල්ලා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart