Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වන්නි දිස්ත්රික්කය නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් දෙදෙනෙකු වන රිෂාඩ් බදියුදීන්ගේ හා කාදර් කාදර් මස්තාන්ගේ ආධාරකරුවන් අතර ඇතිවූ ගැටුමකින් තිදෙනෙකු තුවාල ලබා වවුනියාව මහ රෝහලට ඇතුළත් කර තිබේ.
ඊයේ (11) රාත්රී සිදුවූ මෙම ගැටුමෙන් රිෂාඩ් බදියුදීන්ගේ වාහනයට සහ ඔහුගේ සහායට පැමිණි වාහන තුනකට අලාභ හානි සිදුව ඇත.
රිෂාඩ් බදියුදීන් වාහනය තුළ සිටියදීම ඔහුගේ වාහනයට ප්රහාර එල්ල කර එම වාහනයට දැඩි අලාභහානි සිදුකර ඇති බව වාර්තා වේ.
මෙම පහරදීමට හේතුවී ඇත්තේ වවුනියාව පට්ට්ටානිචචපුලියන්කුලම ප්රදේශයේදී කාදර් කාදර් මස්තාන්ට ආධාර පිණිස සංවිධාන කර තිබූ රැස්වීමකට රිෂාඩ් බදියුදීන්ගේ ආධාරකරුවන් පිරිසක් තර්ජනය කර පහර දීමටද තැත් කළ බව කියන සිද්ධියකි.
රැස්වීමේ සිටි පිරිස ඔවුන්ට දැඩි විරෝධයක් එල්ල කිරීමත් සමගම ඔවුන් පැමිණි යතුරුපැදිවලින්ම ආපසු පළාගොස් ඇත.
අනතුරුව මස්තාන්ගේ ආධාරකරුවන් මග රැක සිට රිෂාඩ්ගේ පිරිසක් වාහනවලින් පැමිණෙමින් සිටියදී පහර දීම සිදුකර තිබේ.
ඒ සමගම එම ස්ථානයට පැමිණි වවුනියාව පොලිසියේ නිලධාරීන් සිද්ධිය සමථයකට පත්කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart