February 17, 2025

අද දිනයේ පවතින උණුසුම් කාලගුණික තත්ත්වයට පාසල් සිසුන් නිරාවරණය නොවිය යුතු බැවින් දරුවන් හිරු එළියේදී එළිමහන් ස්ථානවලට නොයවන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව පවසයි.

එමෙන්ම මේ දිනවල පැවැත්වෙන නිවාසාන්තර ක්‍රීඩා උළෙල පිළිබඳ මාර්ගෝපදේශ ඇතුළත් චක්‍රලේඛයක් අමාත්‍යාංශය විසින් නිකුත් කරන බව ද ඔහු පැවසීය.

“අපි චක්‍රලේඛය නිකුත් කිරීමට පෙර සෞඛ්‍ය විශේෂඥයන්ගෙන් ඒ පිළිබඳ උපදෙස් ලබාගන්නවා,” යනුවෙන් ඔහු පැවසුවේය.

පවතින උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් පාසල් ක්‍රීඩා තරග පැවැත්වෙන කාලය අඩුකිරීමට සිදුවන බව ද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව පෙන්වාදුන්නේය.