Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවික හමුදා ජල විද්‍යා සේවයේ නිලධාරීන් කණ්ඩායමක් බොහෝ දුරට ආන්දෝලනාත්මක චීන නෞකාවක් වන Shi Yan 6 හි සමීක්ෂණ සඳහා සහභාගී වීමට නියමිත බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
මතභේදයකට තුඩුදුන් Shi Yan 6 චීන පර්යේෂණ යාත්‍රාවේ සමීක්ෂණ කටයුතු සඳහා ටජය විසින් ඊයේ සිට තවත් දින දෙකක කාලයක් මෙරට රැඳී සිටීමේ අවසරය ලබාදුන් අතර, එම සමීක්ෂණ කටයුතු හෙට (30) දිනයේ ඇරඹෙනු ඇති බවත් වාර්තා වේ.
අදාළ පර්යේෂණ සහ සමීක්ෂණ කටයුතු සඳහා ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය හෙවත් නාරාහි විද්‍යාඥයන් කණ්ඩායමක් සමඟ රුහුණු විශ්වවිද්‍යාලයේ කණ්ඩායමක්ද එක්වනු ඇත.
විදේශ කටයුතු අමාත්‍යංශයට අනුව, ඔක්තෝබර් 30 සහ 31 යන දිනවලදී දිවයිනේ ‘බටහිර මුහුද’ මැන බැලීමේ කටයුතු සඳහා ශ්‍රී ලාංකික විද්‍යාඥයන් කණ්ඩායමක් සමඟ එක්ව කටයුතු කිරීමට Shi Yan 6 නෞකාවට රජය අවසර ලබා දී ඇත්තේ ඊයේ (28) දිනයේදීය.
මෙම සමීක්ෂණය දින දෙකකට සීමාකෙරෙන අතර නාරා ආයතනයේ සහ රුහුණු විශ්වවිද්‍යාලයේ දේශීය විද්‍යාඥයන් සමඟ එක්ව සමීක්ෂණය සිදු කරන බව විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක කපිල ෆොන්සේකා තහවුරු කර තිබේ.
ආන්දෝලනයට තුඩු දී ඇති මෙම චීන යාත්‍රාවට කොළඹ වරායට යාත්‍රා කිරීමට රජය අවසර ලබා දුන්නේ, පසුගිය සතියේ චීනයේ පැවති සාකච්ඡාවලින් පසුවය.
මීට පෙර වාර්තා පළවී තිබුණේ, එම නෞකාව මගින් පර්යේෂණ සඳහා කෙරෙන මිනින්දෝරු කටයුතු බටහිර වෙරළට සීමාකරන ලෙසත්, හම්බන්තොට වරායෙන් ඔබ්බට මැනීමට ඉඩ නොදෙන ලෙසත් ආරක්‍ෂක අමාත්‍යංශය නිර්දේශ කර ඇති බවයි.
අනුමැතිය පිළිබඳ කාරණය මතභේදයක් බවට පත්වීමත් සමඟ ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව පිළිබඳ ඒකාබද්ධ සමීක්ෂණයක් සිදු කිරීම සඳහා එම යාත්‍රාව අප්‍රේල් මාසයේදී රජයෙන් අවසර ඉල්ලා තිබිණි.
චීනයේ දකුණු චීන මුහුදේ සාගර විද්‍යා ආයතනය විසින් මෙහෙයවනු ලබන මෙම යාත්‍රාව සැප්තැම්බර් මස මුලදී ඉන්දියන් සාගරයේ දින 80ක පර්යේෂණ මෙහෙයුම ආරම්භ කළ අතර ඇතැම් රටවල් එය හඳුන්වාදී තිබුණේ ‘ඔත්තු බැලීමේ’ මෙහෙයුමක් ලෙසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart