December 8, 2024

නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළ ලිපිගොනුවක් අතුරුදන්වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

අතුරුදන් වූ නඩු ගොනුව කාන්තාවකට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියකට අදාළ එකකි.

අස්ථානගත වූ ලිපි ගොනුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයේ සේවය කරන බොහෝ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර තිබේ.

නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා අධිකරණ සේවා කොමිෂන් සභාවට කළ දැනුම්දීමකට අනුව මෙම විමර්ශන සිදුකෙරේ.

කිසියම් කටයුත්තක් සඳහා නිලධාරියකු විසින් රැගෙන ගොස් තිබූ නඩු ගොනුව ඉන් අනතුරුව අතුරුදන්ව ඇති බව අනාවරණ වී ඇත.

42.31%
17.27%
32.76%