September 1, 2024

මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයකු ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වී ඇති බැවින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ.ගමගේ විසින් ඔහු ඉවත් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ආණ්ඩුකාරවරයා කියා සිටියේ සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයට පොදුජන පෙරමුණේ සාමාජික කීර්ති වික්‍රමරත්න ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන බව මැතිවරණ කොමිසම ලිපියක් මගින් තම අවධානයට යොමු කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි.

වික්‍රමරත්න මැතිවරණයට තරග කිරීමට තීරණය කර ඇති බව තමාට දන්වා හෝ තමාගේ අවසරය ඉල්ලා නොසිටි බව ආණ්ඩුකාරවරයා පවසා තිබේ.

වික්‍රමරත්න මේ වන විට දේශපාලනඥයකු බවත්, රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ පළාත් සභා පනත උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බවත් එබැවින් ඔහු ඉවත් කිරීමට තීරණය කළ බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ.ගමගේ සඳහන් කරයි.