January 3, 2024

නීතිවිරෝධී ලෙස මත්පැන් බෝතල් ප්‍රවාහනය කළ ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගෙන තිබේ.

අවශ්‍ය බලපත්‍ර නොමැතිව මත්පැන් බෝතල් තොගයක් ප්‍රවාහනය කළ ව්‍යාපාරිකයකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

දෙල්කඳ, හයිලෙවල් පාර අසල මුරපොළකදී, සැකකරුගේ වාහනය නවතා සෝදිසි කිරීමේදී, විදේශීය වෙළෙඳ නාම ඇතුළු මත්පැන් බෝතල් 72ක් හා බියර් කෑන් 168ක් සොයාගෙන තිබේ.

67 හැවිරිදි මෙම සැකකරු කොහුවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බවට තහවුරු වී ඇත.

සැකකරු, ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර, නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිසිය වැඩිදුරටත් සදහන් කරයි.

 

 

42.31%
17.27%
32.76%