June 10, 2024

හුංගම – රන්න ප්‍රදේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක හිමිකරුවකු වෙඩි වැදීමකින් ඉරිදා රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

මියගොස් ඇත්තේ රන්න තිස්ස පාර ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි ව්‍යාපාරිකයකු බව පොලිසිය සඳහන් කරයි.

මියගිය පුද්ගලයා තම වෙළඳසැලේ පළමු මහලේ සිට බිම් මහල වෙත ගමන් කිරීමේදී වෙඩි වැදී තුවාල සිදුවී ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

මෙය සියදිවි නසා ගැනීමට තැත් කිරීමක් ද නැතිනම් වෙඩි තැබීමක් ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් හුංගම පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

42.31%
17.27%
32.76%