January 15, 2024

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ බස් රථයක් අද හදිසියේ ගිනිගෙන තිබේ.

ගිනිගැනීම සිදුව තිබුණේ බෙලිඅත්ත පිටවීමේ දොරටුව අසලදීය.

ගිනිගැනීම හේතුවෙන් මගීන් තරමක් කලබලයට පත්ව සිටිය ද කිසිවෙකුටත් හානියක් සිදු වී නොතිබිණි.

පොලිස් වාර්තාවලට අනුව බසයේ සිටි සියලුම මගීන් ආරක්ෂිතව ඉවත්කර තිබේ.

ගින්නට හේතුව මේ වන විට විමර්ශනය කෙරෙමින් පවතී.

 

42.31%
17.27%
32.76%