February 2, 2025

යුවළක් සමඟ කොල්ලුපිටිය ප්‍රදේශයේ නවාතැනක නවාතැන් ගෙන සිටි බ්‍රිතාන්‍ය කාන්තාවක් හදිසි වමනය ඇතිවීමක් හේතුවෙන් ඊයේ (1) කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග ප්‍රකාශ කළේ මියගියතැනැත්තිය 24 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයකු බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සහ අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් පරීක්ෂණ සිදුකරනු ලැබේ.