Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාර්ලිමේන්තු කමිටුවලට විපක්ෂ මන්ත්‍රීවරුන් ප්‍රමාණවත් ලෙස සම්බන්ධ කර ගැනීමට ආණ්ඩුව කටයුතු කර නොමැති බවට පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවලින් ජාතික ජන බලවේගයට චෝදනා එල්ල වී තිබේ.
ඒ අනුව ඒ සම්බන්ධයෙන් අභියෝග කිරීමට ඔවුන් ඒකාබද්ධ උත්සාහයක් දරන බව වාර්තා වේ.
විපක්ෂය සඳහා කමිටුවල ප්‍රමාණවත් ආසන සංඛ්‍යාවක් වෙන් කිරීමට අපොහොසත් වීමෙන් පාර්ලිමේන්තු සම්ප්‍රදායට හානි කරන බවට විපක්ෂය චෝදනා කරයි.
මේ සම්බන්ධයෙන් රජයට අභියෝග කිරීමට ක්‍රම සහ විධි සාකච්ඡා කිරීම සඳහා විපක්ෂයේ පක්ෂ රැස්වීමක් ද පවත්වා තිබේ.
විපක්ෂ නායක කාර්යාලය නිකුත් කළ නිවේදනයකට අනුව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එම රැස්වීමේ මුලසුන දරා ඇත.
විපක්ෂයේ අයිතිවාසිකම් දිනා ගැනීමේ උත්සාහයට එක්වන ලෙස සහ පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් මෙම ගැටලුව මතු කරන ලෙස ප්‍රේමදාස සියලු දේශපාලන පක්ෂ නායකයන්ගෙන් ඉල්ලා තිබේ.
පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත ශක්තිමත් විපක්ෂයක අවශ්‍යතාව ද ඔහු අවධාරණය කර ඇත.
රැස්වීමට සහභාගී වූ රවී කරුණානායක මන්ත්‍රීවරයා තහවුරු කර ඇත්තේ කමිටුවල විපක්ෂයට ඉඩ ලබා දීමේදී රජයේ ස්ථාවරය ප්‍රධාන මාතෘකාව වූ බවයි.
ඊයේ පැවති රැස්වීමට සහභාගී වූ දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ (TPA) නායක මනෝ ගනේෂන් පැවසුවේ විපක්ෂ පක්ෂ ලබන සතියේ තවත් සාකච්ඡාවක් සඳහා රැස්වන බවයි.
“සියලුම පාර්ලිමේන්තු කාරක සභාවලින් සියයට 70ක නියෝජනයක් ආණ්ඩු පක්ෂයට අවශ්‍ය වෙලා. පාර්ලිමේන්තුවේ සම්ප්‍රදාය වී ඇත්තේ පාලක පක්ෂයට විපක්ෂයට වඩා සෑම කමිටුවකම සාමාජිකයන් දෙදෙනෙකුගේ බහුතරය ලබා දීමයි. ජාතික ජන බලවේගයට සෑම කමිටුවකම සාමාජිකයන්ගෙන් සියයට 70ක් අවශ්‍ය වෙලා. විපක්ෂයට තියෙන්නේ සියයට 30ක ඉඩක් පමණයි. විපක්ෂයේ සියලුම පක්ෂ කමිටුවල වැඩි තනතුරු ලබා ගැනීමට එකට උත්සාහ කරමින් ඉන්නවා, ”යනුවෙන් ඔහු පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පී දිගම්බරම්, අනුරාධ ජයරත්න සහ ශානක්කියන් රාසමානික්කම් ද මෙම රැස්වීමට සහභාගී වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart