February 8, 2025

අභාවප්‍රාප්ත හැරී ජයවර්ධන සභාපතිත්වය දරන ලද ඔහුගේ ප්‍රධානතම සමාගම් සමූහය වන මෙල්ස්ටාකෝප් පීල්සී හි නව විධායක සභාපතිවරයා වශයෙන් ඔහුගේ පුත් හසිත එස්. ජයවර්ධන පත්කර තිබේ.

ඩිස්ටලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා, එයිට්කන් ස්පෙන්ස්, එයිට්කන් ස්පෙන්ස් හොටේල්ස්, මෙල්ස්ටා ලොජිස්ටික්ස්, එයිට්කන් ස්පෙන්ස් ඉන්ටර්නැෂනල්, කොන්ටිනන්ටල් ඉන්ෂුවරන්ස්, මැඩොල්සිය – බලංගොඩ හා ඇල්පිටිය වැවිලි සමාගම්, මෙල්ස්ටා හොස්පිටල්ස් සහ ලංකා බෙල් යන සමාගම් මෙල්ස්ටාකෝප් පීඑල්සී හි ප්‍රධානතම අනුබද්ධිත සමාගම් වේ.

හැරී ජයවර්ධනගේ අභාවයෙන් පසු, එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී හි සභාපතිධූරය සඳහා ඔහුගේ දියණිය වන ස්ටෂානි ජයවර්ධන පත්කර ඇති බව එම සමාගම පසුගියදා දැනුම්දුන්නේය.

42.31%
17.27%
32.76%