February 21, 2024

කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ අන්තර්ජාතික සබඳතා අධ්‍යයනංශයේ සහකාර කථිකාචාර්යවරියක බත්තරමුල්ල වික්‍රමසිංහපුර දී ලොරියකට යටවීමෙන් මියගොස් ඇතැයි පොලිසිය කියයි.

ඇය ලොරියේ හැපී ඇත්තේ බත්තරමුල්ල වික්‍රමසිංහපුර මංසන්ධියේ දී ඇති පදික මාරුව අසලින් මාර්ගය හරහා මාරු වෙද්දීය.

මියගොස් ඇත්තේ බත්තරමුල්ල වික්‍රමසිංහපුර 10 වැනි පටුමග පදිංචිව සිටි ලක්මිණි බෝගමුව නමැති 27 හැවිරිදි කථිකාචාර්යවරියයි.

ඇය රැකියාවට යෑම සඳහා වික්‍රමසිංහපුර දෙස සිට පදික මාරුව ආසන්නයෙන් මාර්ගයේ අනෙක් පෙදෙසට මාරුවීමට යෑමේ දී බත්තරමුල්ල පැලවත්ත දෙස සිට තලවතුගොඩ දෙසට ධාවනය වූ ලොරි රථයක ඉදිරිපස ගැටී මාර්ගයේ ඇද වැටී ඇති බවත්, ඒ අවස්ථාවේදීම ආසන්නයේම පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් කර පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවත්, පොලිසිය පවසයි.

May be an image of 4 people

‘‘2017 වර්ෂයේ කොළඹ විශ්ව විද්‍යාලයේ පැවැති උපාධි ප්‍රදානෝත්සවයක දී පදක්කම් ද්විත්වයක් සහ ශිෂ්‍යත්වයක් ලබාගනිමින් කණ්ඩායමේ හොඳම ශිෂ්‍යාව වෙච්ච ලස්සන ගෑනු ළමය කවුද කියල එදා හැමෝම කතාවුණා. හැමදේටම දක්ෂ ඔයා කොහොමද මේ විදියට අපිව තනිකරලා ගියේ”‍ යනුවෙන් ඇය වෙනුවෙන් ලියපු වදන් වලින් මුහුණු පොත පිරී ඇත.

කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු නර්තනයට, ගායනයට, වාදනයට දක්ෂ ශිෂ්‍යාවක වූ ලක්මිණි චූලෝත්තමා බෝගමුව අද නිසලව පෙට්ටියක් මත උඩුකුරුව සිටින ආකාරය දැක ඇයගේ සමීපතමයෝ කිසිවක් සිතාගත නොහැකිව කඳුළු සලති.

කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්ද්‍රසිරි බෝගමුව මහතාගේ එකම දරුවා වන කොළඹ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ අන්තර්ජාතික සබඳතා අධ්‍යානාංශයේ සහකාර කථිකාචාර්යවරිය වූ ලක්මිණි බෝගමුව දියණිය බත්තරමුල්ල, වික්‍රමසිංහපුර මංසන්ධිය ආසන්නයේ සිදු වූ රිය අනතුරකින් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු සදහටම දෙනෙත් පියාගෙන අවසන්ය.

May be an image of 3 people

කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයෙන් සහ කොළඹ විශාඛා විද්‍යාලයෙන් ඉගෙනුම ලබා කොළඹ විශ්වවිද්‍යාලයට තේරී පත්ව 2017 වර්ෂයේ පැවති උපාධි ප්‍රදානෝත්සවයේ දී අන්තර්ජාතික සබඳතා පිළිබඳ විශේෂ දක්ෂතා දැක් වූ ශිෂ්‍යාවට හිමි අමරා මොහොට්ටි අනුස්මරණ කුසලානය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ මහාචාර්ය ෂෙල්ටන් කොඩිකාර විශේෂ කුසලානය මෙන්ම අන්තර්ජාතික සිවිල් සේවකයන්ගේ සංගමය මගින් ලබාදුන් ශිෂ්‍යත්වයට හිමිකම් කීමට ද ඇය සමත් වූවාය.

තමන් සමග එකට ඉගෙනුම ලැබූ සහෝදර සහෝදරියන්ගේ මෙන්ම කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ඉගෙනුම ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ද නොමද ආදරය දිනාගත් තරුණියක වූ ලක්මිණි බෝගමුවට මුහුණ දීමට සිදු වූ හදිසි අනතුර සම්බන්ධව සියලු‍ දෙනා සිටින්නේ දැඩි ශෝකයෙනි.

කෙසේ වුවද දැන් ඇය ජීවිතය හැරගොස් අවසානය. ඇයගේ දේහය පිළිබඳ ආගමික වතාවත් 10 පටුමග වික්‍රමසිංහපුර, බත්තරමුල්ල ලිපිනයේ පිහිටි නිවසේ දී සිදුකර අවසන් කටයුතු අද (21) සවස 5ට තලවතුගොඩ වැලි පාර පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතය.(ලංකාදීප)

May be an image of 3 people, people smiling and wedding

May be an image of 1 person, smiling and text that says "FOS New Year Celebration 2024 University Colombo @College 1/01/2024 2024 fon #osmediar"

May be an image of 1 person and text that says "Leos of SriLanka >INSPIRINGLIVES LEO MULTIPLE 2021 CPA & CIMA fessional tion Partner Bank RedBull Official verage Partner Photographedby Ramesh Roshan Rights Reserved ගැස්ම"

42.31%
17.27%
32.76%