Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් පෙරේදා (30) අත්අඩංගුවට ගත් 22 හැවිරිදි තරුණයකු මියයෑම හේතුවෙන් එදින රාත්‍රි අනුරාධපුර ශික්ෂණ රෝහලට පැමිණි තරුණයාගේ ඥාතීහු පිරිසක් මේ මරණය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියට චෝදනා කළහ.
“හොඳට හිටිය දරුවා පොලිසිය මරාගත්තා. අනේ දෙයියනේ ඇයි දරුවට මෙහෙම දෙයක් කළේ” යැයි ඥාතීහු පැවසූහ.
මෙලෙස මියගොස් ඇත්තේ දෙවන පියවර, අනුරාධපුර ලිපිනයේ පදිංචි ශනුක ගිහාන් මාරඹගේ නමැති 22 හැවිරිදි තරුණයෙකි.
තරුණයාගේ මිත්තණිය වන කේ. ආරියවතී මහත්මිය මෙසේ පැවසුවාය.
“මැරිලා ඉන්නේ මගේ මුණුබුරා.එයාගේ අම්මා රට රස්සාවක් කරන්නේ.තාත්තා කොළඹ.මේ දරුවා තමයි පවුලේ එකම දරුවා.ඊයේ උදේ පොලිසියෙන් අරන් යනකොට තේ බීලා හිටියෙත් නැහැ. එක පාරටම අසනීප වෙලා මැරෙන්න තරම් ලෙඩක් තිබ්බේ නැහැ. අපි රෝහලට ගියාම දොස්තර නෝනා කිව්වා මැරිලා තමයි අරන් ආවේ කියලා. අරන් යනකොට අපේ ළමයා ළඟ කිසිම දෙයක් තිබ්බේ නැහැ. දැන් කියනවා අයිස් බිබී හිටියා තව තුන්දෙනෙක් එක්ක කියලා. මගේ පුතා ඉපදිච්ච දා ඉඳලාම හැදුණේ මගේ ළඟ. හැම වෙලාවෙම බත් බෙදලා දෙන්නේ, තේ ටික හදලා දෙන්නේ මම.”
එහිදී අදහස් දැක්වූ ගම්වැසියෙක් මෙසේ පැවසීය.
“මේ ළමයා අරන් ගියේ හොඳ ඇඳුම් පිටින්. මරණය තිබ්බේ යට ඇඳුම පිටින්. අපට බරපතළ සැකයක් තියෙනවා. ළමයා දිහා බලන කොට මූණ ඉදිමිලා තිබ්බේ. මේ අද අපි ඇවිත් ඉන්නේ වැඩ ඇරිලා හවස ගෙදර ආපු අය. නිදාගන්න විදියක් නෑ. මොකද මේ ළමයා ගමේ හොඳට ඉන්න පොඩි කාලෙ ඉඳන් අඳුරන ළමයෙක්.කිසිම හොරකමකටවත් සම්බන්ධ වෙලා නෑ මේ වෙනකම්.”
දරුවාගේ නැන්දා වන උදය කුමාරි මහත්මිය –
“ගංජා කෑල්ලක් පුතාගේ ගෙදර තියනවා කියලා උදේ 9.30ට විතර පොලිසියට අරගෙන ගියා. මේ අපේ නංගිගේ පුතා. නංගි ඉන්නේ රට. අපි දවල් පොලිසියට ඇවිත් දවල් කෑම එකක් දීලා ගියා. පුතා හොඳට හිටියා. ඊට පස්සේ හවස 3.30ට විතර කිව්වා පුතා රෝහලට අරන් ගියා මැරුණා කියලා. ඇත්තටම මේ මරණය අපට සැකයි. කොහොමද මෙහෙම මැරුණේ කියලා අපට කියන්න.
ගෙදර මොනවත් තිබ්බේ නැහැ. ගිය සතියෙත් මේ වගේ අරන් ගියා. අපි පොලිසියට කිව්වා පුතේ මේකේ තේරුම මොකක්ද.හැමදාම මේ ළමයා අරන් යන්නේ කියලා.”
මෙහිදී පොලීසියට ගම්වැසියන් චෝදනා කරන්න වූයේ ලොකුවට ගෙවල් දොරවල් හදාගෙන සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගැන කිසිම සොයාබැලීමක් නොකර තරුණයන් අල්ලාගෙන යන බවයි. මේ ගැන වැඩබලන දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අවධානය යොමු විය යුතුව ඇති බවද ඔවුහු සඳහන් කරති.තරුණයාගේ පවුලේ සාමාජිකයන් සහ ගම්වැසියන් මෙහිදී ඉල්ලා සිටියේ මේ මරණය සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් කරන ලෙසයි.
ඥාතීහු නැඟූ එම චෝදනාව සම්බන්ධයෙන් අනුරාධපුර කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියකුගෙන් කරුණු විමසීමේදී ඔහු සිය නම සඳහන් නොකරන ලෙස ඉල්ලමින් මෙසේ සඳහන් කළේය. මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවකට පෙරේදා(30)පෙරවරු 11.45ට පොලිස් ස්ථානයට ඉදිරිපත් කර සිටිය දී ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් පස්වරු 4.50ට අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ දී පස්වරු 5.35ට මේ තරුණයා ජීවිතක්ෂයට පත්ව තිබු බවයි.
පහරදීමක් සිද්ධ වුණේ නෑ කියා ඔහු සමඟ සිර මැදිරියේ සිටි අනිත් සැකකරුවන් ප්‍රකාශ දී තිබෙනවා යැයි ද නිලධාරියා කීය. ප්‍රදේශයේ තවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසුවේ මේ තරුණයා අත්අඩංගුවට ගනු ලැබුවේ හෙරොයින් මිලිග්‍රෑම් 80ක් සන්තකයේ තබාගෙන සිටියදී බවයි. මේ තරුණයා සමඟ තවත් කීපදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවත් එදා උදෑසන මේ තරුණයා මත් කරල් භාවිතා කර සිටි බව ඒ එක් අයෙක් පවසන බවත් එම නිලධාරියා කීය. ඒ අතර එම නිලධාරියා සඳහන් කළේ මේ තරුණයා අයිස් ද හෙරොයින්ද එදින උදෑසන භාවිතා කර සිට ඇති බවයි.
එම නිලධාරියාට අනුව මේ තරුණයා පොලිස් අත්අඩංගුවට ගැනීමට පෙර එදා උදේ වරුවේ මත්ද්‍රව්‍ය තුනක් භාවිතා කර සිට ඇත. එසේම ඔහු මත්ද්‍රව්‍ය පැකට්ටුවක් ගිල ඇති බව අත්අඩංගුවේ සිටින මිතුරෙක් පවසන බව ද නිලධාරියා කීය. ඇතැම් විට ඔහුගේ මරණය සිදුව ඇත්තේ ගිලින ලද මත්ද්‍රව්‍ය හේතුවෙන් විය හැකි බවට නිලධාරියා සැකයක් ද මතුකළේය. තරුණයාගේ මරණයට හේතුව ඒ කියන කාරණාව ද වෙනත් කාරණාවක්දැයි අනාවරණය කර ගැනීමට හැකි වෙන්නේ පශ්චාත් මරණ පරීක්ෂණයකින් පසුව බවත් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත බවත් පැවසීය.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart