July 5, 2023

මෙරට සිදුවන මාරක අනතුරු හේතුවෙන් සෑම විනාඩි 90කට වතාවක් පුද්ගලයන් දෙදෙනෙක් මිය යන අතර, ඒ හේතුවෙන් වසරකට පුද්ගලයන් 12,000ක් පමණ මිය යන බව සෞඛ්‍ය අමාත්‍යාංශය අනාවරණය කරයි.

එහි අදහස වන්නේ සෑම පැය තුනකට වරක් සිදුවන අනතුරු හේතුවෙන් පුද්ගලයන් හතරදෙනෙක් මිය යන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග පෙන්වාදෙයි.

මෙම අනතුරුවලට හේතුව ප්‍රවාහනය, වන සතුන් සහ වෙනත් සතුන් බව පැවැසේ.

අනතුරු වළක්වා ගැනීමට කටයුතු කළහොත් රජයට විශාල මුදලක් ඉතිරි වනු ඇතැයි ද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කර ඇත.

ශ්‍රී ලාංකිකයන් පස්දෙනෙක්ගෙන් එක් අයෙක් වසරකට වරක් හදිසි අනතුරකට ලක්ව වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා වන බවද හෙතෙම පවසයි.

මිය ගිය පුද්ගලයන්ගෙන් වැඩි සංඛ්‍යාවක් වයස අවුරුදු 15-44 අතර පසුවන්නන් බවද ඔහු වැඩිදුරටත් අනාවරණය කරයි.