June 30, 2023

විදුලි ගාස්තු 14.2%කින් පහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

එම තීරණය හෙට (01) සිට ක්‍රියාත්මක කෙරෙන බව එම කොමිසම ප්‍රකාශ කරයි.

නව ගාස්තු සංශෝධනයට අනුව ඒකක 0ත් 30ත් අතර මාසික පරිභෝජනයක් ඇති කාණ්ඩය සඳහා ඒකකයකට රුපියල් 30ක් ලෙස අය කළ ගාස්තුව රුපියල් 10ක් දක්වා අඩුකර ඇත. එමෙන්ම එම කාණ්ඩය සඳහා අය කෙරෙන ස්ථාවර ගාස්තුව ද රුපියල් 400 සිට රුපියල් 150 දක්වා අඩුකර තිබේ.

ඒකක 60ට අඩු කාණ්ඩයේ එක් ඒකකයක ගාස්තුව රුපියල් 42 සිට රුපියල් 32 දක්වා අඩු කර ඇති අතර එම කාණ්ඩය සඳහා රුපියල් 650ක් ලෙස අය කළ මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 300 දක්වා අඩුකර ඇත.

ඒකක 91ත් 120ත් අතර කාණ්ඩය සඳහා ඒකකයක ගාස්තුව රුපියල් 42 සිට රුපියල් 35 දක්වා අඩු කර ඇති අතර මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 1500 සිට රුපියල් 1000 දක්වා අඩුකර තිබේ.