June 30, 2023

පෝලන්තයේ රැකියාවක් ලබාදෙන බවට පොරොන්දුවී රුපියල් මිලියන 13ක් වංචා කළ බව කියන කාන්තාවක් ඉන්දියාවේ සිට ආපසු පැමිණෙමින් සිටියදී කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇත.

ආගමන විගමන නිලධාරීන් විසින් ඇයව පැමිණීමේ පර්යන්තයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඇයට එරෙහිව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිලි 53ක් ලැබී ඇති බව පැවසේ.

ඇය 44 හැවිරිදි බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචිකාරියකි.