June 30, 2023

අන්තර්ජාතික ස්වෛරීත්ව බැඳුම්කරවල (ISB) ආයෝජන කර ඇති දේශීය බැංකු සමාගම්, ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලියේ දී විදේශීය ණය හිමියන් ලෙසින් සළකනු ලබන බවත්, වානිජ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ දී ඒ පිළිබඳව වෙනමම සළකා බැලීමට සිදුවනු ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසීය.

ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලියේ දී අන්තර්ජාතික ස්වෛරී බැඳුම්කරවල ආයෝජනය කර ඇති දේශීය බැංකු සමාගම් සළකනු ලබන්නේ දේශීය ණය හිමියන්ද නැතහොත් විදෙස් ණය හිමියන් ලෙසින් ද යන්න සම්බන්ධයෙන්, යන්න සම්බන්ධයෙන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේය.

කෙසේවෙතත් මේ කරුණ සම්බන්ධයෙන් මේ වන විටත් අන්තර්ජාතික ස්වෛරී බැඳුම්කරවල ආයෝජනය කර ඇති දේශීය බැංකු වෙත, ඒ වෙනුවෙන් අදාළ වන ප්‍රතිපාදන (provision) සම්බන්ධයෙන් උපදෙස් දී ලබාදී ඇති බව ද අධිපතිවරයා මෙහිදී අනාවරණය කළේය.

“ISB (International Sovereign Bonds) කියන්නේ වෙනම නීතියක් යටතේ එන ණය උපකරණයක්. ඒවායේ ආයෝජනය කර තිබෙන සියලුදෙනා එකඟ වෙන විසඳුමක් තමයි හැමෝටම ගන්න වෙන්න‍ේ. ඒක වෙනමම සලකා බලන්න වෙන්නේ විදේශීය වානිජ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ දී.“

“බැංකු පද්ධතියට අපි මහ බැංකුව විසින් උපදෙස් දීලා තියෙනවා, දැනටම ISB holding තියෙනවා බැංකු 04ක් 05ක්. ඒ අයට provision කරන්න කියලා තියෙනවා දැනටම 35%ක් provide කරලා තියෙන්නේ ඒගොල්ලන්ගේ ආයෝජනවලින්. එතකොට අලුතෙන් යම්කිසි ආකාරයක, යම්කිසි බලපෑමක් බැංකු පද්ධතියට වෙනවා. ඒ නිසා 35% වැඩි hair cut එකක් ගත්තොත් තමයි ඒගොල්ලන්ට බලපෑමක් වෙන්නේ. ඒ කියන්නේ දැනටමත් 35% ක් ඒගොල්ලෝ ඒක ගැන provision කරලා තියෙන්නේ. ඒ නිසා ඒකෙන් බැංකු පද්ධතියට කිසිම අලුතෙන් හානියක් වෙන්නේ නැහැ කියන එක තමයි අපේ බලාපොරොත්තුව.“

(අද දෙරණ)