June 13, 2023

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන අලියාන්ස්, 2022 වසරේදී ඉහළම දක්ෂතා පෙන්නුම් කරමින් Million Dollar Round Table (MDRT) සුදුසුකම් ලැබූ සාමාජික සාමාජිකාවන්ට උපහාර දැක්වීම සඳහා විශේෂ උපහාර උළෙලක් පසුගියදා පැවැත්විය.

මෙම උත්සවයේදී, අලියාන්ස් ලංකා සමාගමේ ප්‍රථම MDRT ‘Top of the Table’ සුදුසුකම්ලාභියා ඇතුළුව සියලුම MDRT සුදුසුකම්ලාභීන් මෙන්ම, අලියාන්ස් සමාගම තුළ විශිෂ්ට තලයේ අලෙවි නියෝජිතයන් නිර්මාණය කිරීම සඳහා කැපවුණු කලාප සහ ශාඛා අලෙවි ප්‍රධානීන්ද ඇගයීමට ලක්කරනු ලැබීය.

මෙම උත්සවය අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා සමාගමෙහි දේශීය කළමනාකරු සහ ප්‍රධාන විධායක නිලධාරී ඇලන් ස්මී, අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගමෙහි ප්‍රධාන විධායක නිලධාරී ජයලාල් හේවාවසම් සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්ව කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයින්ගේ ප්‍රධානත්වයෙන් One Galle Face හි පිහිටි අලියාන්ස් ලංකා නව ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.

මෙම ජයග්‍රහණ පිළිබඳ අදහස් දක්වමින් ඇලන් ස්මී සහ ජයලාල් හේවාවසම් එක්ව ප්‍රකාශ කර සිටියේ, “අපගේ MDRT සුදුසුකම් සහ ඔවුන්ගේ සුවිශේෂී ජයග්‍රහණ පිළිබඳව අපි බෙහෙවින්ම ආඩම්බර වෙමු. අපගේ ගනුදෙනුකරුවන්ට හොඳම සේවාවක් සැපයීම සඳහා අප කැප වී සිටින බව, ඔවුන්ගේ කැපවීම සහ වෙහෙස මහන්සි වී වැඩ කිරීම මඟින් පිළිබිඹු වෙනවා.
අපි සැමවිටම අපගේ සේවකයන්ට යහපත් පරිසරයක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වනවා වගේම, අප හා එක්ව වැඩ කිරීමට අශාවක් දක්වන අයට සැමවිටම අපගේ දොරටු විවරව පවතිනවා. මේ නිසාම අලියාන්ස් ලංකා අපි සැමවිටම අපගේ සේවකයන්ගේ දක්ෂතා පෝෂණය කිරීම සඳහා විශාල අවධානයක් යොමු කොට ඇති අතර ඔවුන්ව ඉහළ මට්ටමකට ගෙන ඒම සඳහා ඔවුන්ව දිරිමත් කරන්නවා” යනුවෙනි.