
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කාර්යය මණ්ඩලයේ සාමාජිකයන් අද විරෝධතාවක නිරත වී තිබේ.
එම කාර්යාල පරිශ්‍රයේ වායුසමීකරණ, පිරිසිදු වාතාශ්‍රය ඇතුළු පහසුකම් නොමැති බවට චෝදනා කරමින් ඔවුන් මෙම විරෝධතාව සංවිධාන කර තිබිණි.
ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් විරෝධතාවයේ නිරත පිරිස පැවසුවේ, කාර්යාල ගොඩනැගිල්ල පෙරවරු 10.00න් පසු උදුනකට සමාන බැවින් සේවකයන්ට එහි රැඳීසිටීමට නොහැකි බවයි.
පසුගිය වසර එකහමාරක කාලය තුළ, කාර්යාල පරිශ්‍රය නිසි ලෙස නඩත්තු නොකිරීම හේතුවෙන් සේවකයන්ට සුදුසු සේවා ස්ථානයක් එහි නොමැති බවත්, වායුසමීකරණ යන්ත්‍ර සවිකර ඇති නමුත් ඒවා තවමත් විදුලි සැපයුමට සම්බන්ධ කර නොමැති බවටත් ඔවුහු චෝදනා කරති.
එමෙන්ම ඔවුන් පෙන්වාදුන්නේ, පසුගිය වසර එකහමාරක කාලය තුළ කාර්ය මණ්ඩල සාමාජිකයින් දැඩි අපහසුතාවයකින් යුතුව සේවය කළ බවයි.
කාර්ය මණ්ඩලය පමණක් නොව, කාර්යාලයට පැමිණි බදු ගෙවන්නන් ද මෙම තත්ත්වයන් නිසා ක්ලාන්ත වී රෝහල්ගත කර ඇති බවත්, මේ වනවිට එය දරාගත නොහැකි තත්ත්වයක් බවට පත්වී ඇති නිසා මෙලෙස විරෝධතාවයේ නිරතවන බවත් ඔවුහු පැවසූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart