June 8, 2023

අල් ජසීරා මාධ්‍යවේදිනී මිනෙල් ෆර්නැන්ඩස් ඊයේ(08) කොළඹදී, රජයේ ආරක්ෂක අංශ විසින් එල්ල කළ ජල ප්‍රහාරයකට ලක්විය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසල සිසුන්ගේ පා ​​ගමනක් වාර්තා කරමින් සිටියදී මිනෙල් ෆර්නැන්ඩස් මෙම ජාල ප්‍රහාරයට ලක්වූ අතර, එම සිදුවීම අල් ජසීරා පුවත් සේවය ඔස්සේ ලොව පුරා ප්‍රචාරය විය.

පසුගිය වසරේ පැවැති උද්ඝෝෂණවලදී අත්අඩංගුවේ පසුවන ශිෂ්‍ය ක්‍රියාකාරීන් නිදහස් කරන ලෙස බලකරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ඊයේ මෙම විරෝධතාව පැවැත්වීය.

නුගේගොඩ විජේරාම හන්දියේ විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ අතර එහිදී අල්ජසීරා මාධ්‍යවේදිනී මිනෙල් ෆර්නැන්ඩස් මෙම ජල ප්‍රහාරයට ලක්විය.