April 29, 2025

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව අන්තර් හුවමාරුව ආසන්නයේදී මෝටර් රථයක් පටවගෙන යමින් සිටි ආපදා රථයක් කාර්මික දෝශයකට ලක්ව නතරකර තිබේ.

එහිදී එම රථය කාර්මික දෝෂයකට ලක්ව, යථාතත්වයට පත්කිරීමට කාර්මිකයන් පැමිණි මෝටර් රථයද ඊට ඉදිරියෙන් නවතා තබා ඇත.

ආරක්ෂිත සළකුණුද(safety coneස) මාර්ගයේ තබා ඇති අතර ආපදා රථයේ රියදුරා එම රථය ඉදිරිපිට රැදීසිට තිබේ.

එම අවස්ථාවේ රියදුරා විසින් අපරික්ෂාකාරීව ධාවනය කළ මෝටර් රථයක් (Alto වර්ගයේ) පාලනයෙන් ගිලිහී ගොස් මාර්ගයේ සිටි ආපදා රථයේ රියදුරාගේද ගැටීගෙන ඉදිරියෙන් නවතා තිබූ Prius රථයේද ගැටී නතරවී තිබේ.

එම අනතුරින් ආපදා රථයේ රියදුරා අවාසනාවන්ත ලෙස එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්විය.