
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අමෙරිකාවේ ට්‍රම්ප් පරිපාලනය පැනවූ ඉහළ තීරුබදු හමුවේ ආර්ථිකයට එල්ල විය හැකි බලපෑම් අවම කර ගැනීමට ශ්‍රී ලංකා රජය උත්සහ දරමින් සිටින අවස්ථාවක චීන රජයේ ඉහළ නිලධාරියකුගේ සංචාරයක් පිළිබඳ වාර්තා වේ.
ආරංචි මාර්ග උපුටා දක්වමින් Daily Mirror වාර්තා කළේ, චීන වාණිජ කටයුතු අමාත්‍ය වැන්ග් වෙන්ටාඕ ලබන ජුනි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින බවයි.
දෙරට අතර වෙළඳ සබඳතා වර්ධනය කරගැනීමේ එම සංචාරයේ අරමුණ බව ද පැවසේ.
එවැනි සංචාරයක් පිළිබඳව මෙරට චීන බලධාරීන් පසුගියදා වෙළෙඳ අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී පෙන්වා දී ඇතැයි ද වාර්තා සදහන් කරයි.
චීන වාණිජ අමාත්‍යවරයා මෙලෙස ශ්‍රී ලංකා සංචාරයකට සූදානම් වන්නේ ශ්‍රී ලංකාව සිය අපනයන වෙළෙඳපොළ පුළුල් කිරීමට අපේක්ෂා කරන පසුබිමකදීය.
කෙසේවෙතත් ඔහුගේ සංචාරයේ සැලසුමක් හෝ න්‍යායපත්‍රයක් තවම ප්‍රකාශයට පත්කර නොමැත.
චීනය සහ ශ්‍රී ලංකාව මීට වසර 10 කට පමණ පෙර නිදහස් වෙළඳ ගිවිසුමක් පිළිබඳ සාකච්ඡා ආරම්භ කර තිබිණි.
එහෙත් එය තවමත් සාකච්ඡා මට්ටමේ පවතී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart