June 8, 2023

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග වටය සදහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම හෙට(09) දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.

ඒ සදහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයෙන් ඇන්⁣ජලෝ මැතිව්ස් ඉවත් කර ඇති බව වාර්තා සඳහන් කරයි.

එක්දින ලෝක කුසලානය සදහා සුදුසුකම් ලැබිමේ තරග වටය⁣⁣ට එක්වන 15 දෙනකුගෙන් යුත් සංචිතයට නායක දසුන් ශානක, කුසල් මෙන්ඩිස්, පැතුම් නිශ්ශංක, දිමුත් කරුණාරත්න, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, සධීර සමරවික්‍රම , වනිදු හසරංග, මහීෂ් තීක්ෂණ, දුෂාන් හේමන්ත, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, ලහිරු කුමාර, කසුන් රාජිත සහ මතීෂ පතිරණ ඇතුලත් කර තිබේ.

කෙසේ වෙතත්, තරගාවලියට එක්වන නිල සංචිතය මෙතෙක් ක්‍රිකට් ආයතනය ප්‍රකාශය⁣⁣ට පත්කර නැත.

ලෝක කුසලාන සුදුසුකම් ලැබිමේ තරග වටය මේ මස 18 වනදා සිට ලබන මස 09 වනදා දක්වා සිම්බාබ්වේ හිදි පැවැත්වෙයි.