
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රට තුළ අලෙවි වන නීතිවිරෝධී දුම්වැටි හේතුවෙන් ලංකා දුම්කොළ සමාගමේ දුම්කොළ ඒකාධිකාරය බිඳවැටෙමින් ඇතැයි වාර්තා වේ.
සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරමින් 2024 වසරේදී රට තුළ නීතිවිරෝධී දුම්වැටි සියයට 19.6ක වර්ධනයක් සමඟින් එම දුම්වැටි කූරු ගණන බිලියන 1.16 දක්වා ඉහළ ගොස් ඇතැයි අනාවරණ වී ඇත.
මෙම වැඩිවීම නිසා එම වසරේදී රාජ්‍ය භාණ්ඩාගාරයට සිදුව ඇතැයි ඇස්තමේන්තු කර ඇති පාඩුව රුපියල් බිලියන 118 කි.
නීත්‍යානුකූල සිගරට්, නීතිවිරෝධී නිෂ්පාදන සහ බීඩිවලින් සමන්විත දුම්කොළ නිෂ්පාදන සඳහා වන මුළු වෙළඳපොළ 2023 දී කූරු බිලියන 9.9 සිට කූරු 2024 දී බිලියන 9.7 දක්වා අඩුවී තිබේ.
කෙසේවෙතත්, මෙම පහළ යෑම සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල සිගරට් වලට බලපා ඇති අතර, එහි වෙළඳපොළ කොටස පෙර වසරේ සියයට 24 සිට 2024 දී සියයට 20 දක්වා පහත වැටී ඇත.
මීට ප්‍රතිවිරුද්ධව 2024 දී බීඩි වෙළඳපොළ කොටස 2024 වසර තුළ සියයට 67 දක්වා ඉහළ ගිය අතර, අලෙවිය පෙර වසරට සාපේක්ෂව කූරු බිලියන 5.6 සිට කූරු බිලියන 6.4 සිට දක්වා වැඩිවිය.
එමෙන්ම 2024 වසර තුළ, නීතිවිරෝධී සිගරට් ප්‍රමාණය වෙළඳපොළ කොටසෙන් සියයට 12 ක් ලෙස සටහන්ව තිබේ.
එය පෙර වසරේ වාර්තා වූ සියයට නවයට වඩා සැලකිය යුතු අගයකි.
මෙම තත්වය හමුවේ නීත්‍යානුකූල සහ නීතිවිරෝධී සිගරට් වෙළඳපොළ කොටස අතර පරතරය දැන් සියයට 8 දක්වා අඩු වී ඇත.
ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ ඉදිරි වසරවලදී නීතිවිරෝධී සිගරට් නීත්‍යානුකූල විකුණුම් අභිබවා යෑමේ හැකියාව ඉහළ බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart