April 28, 2025

අනවසර දේපළ විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ගොනුකළ පෙත්සම අභියාචනාධිකරණය විභාගයකින් තොරව නිෂ්ප්‍රභ කර තිබේ.

ඒ, එම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල විසින් මෙම පෙත්සම අද විභාගයට ගත් අවස්ථාවේදීය.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් සඳහා ව්‍යාජ ලේඛන සකස් කර පෞද්ගලික පාර්ශවයකට විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානමින් සිටියි.

ප්‍රසන්න රණවීරට සහ තවත් සැකකරුවකුට අයත් දේපළ රාජසන්තක කිරීමට ද අධිකරණය දැනටමත් වරෙන්තු නිකුත් කර ඇත.

මෙම නඩුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තිදෙනකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර සිටියි.