April 28, 2025

ඩුබායි සිට රුපියල් මිලියන 63 ක් පමණ වටිනා රන් ආභරණ කිලෝ දෙකකට අධික ප්‍රමාණයක් නීතිවිරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කළ බ්‍රිතාන්‍ය ජාතිකයකු බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම මගියා ෆ්ලයි ඩුබායි FZ 569 ගුවන් යානයෙන් මෙරටට පැමිණ ඇති අතර ඔහුගේ ඉණ වටා රත්තරන් සඟවාගෙන සිටි බව රේගු ප්‍රකාශකවරයා පැවසීය.