
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දළදා වන්දනාවට සහභාගීවූ වන්දනාකරුවන් අතහැර ගිය ගමන් මළු හිමිකරුවන්ට යළි ලබාදීමේ වැඩසටහනක් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් දියත් කිරීමට නියමිත බව මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය පවසයි.
එම කාර්යාලය පෙන්වාදෙන්නේ වන්දනාකරුවන්ගේ ගමන් මලු ආරක්ෂිතව ගබඩා කර ඇති අතර වන්දනාවෙන් පසු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ ආපසු භාරදෙන බවයි.
තවත් කිහිපයක හිමිකාරීත්වය සම්බන්ධයෙන් ගැටළු පවතින බවත්, ඒවායේ හිමිකරුවන් පිළිබඳ මෙතෙක් අනාවරණ වී නොමැති බවත් පැවැසේ.
ඒ හේතුවෙන් අද සහ හෙට මහනුවර වැවේ බෝට්ටු සේවය ඉදිරිපිටදී හිමිකරුවන් නොමැති ගමන් මලු ආපසු භාරදීමේ විශේෂ වැඩසටහනක් සංවිධානය කර තිබේ.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසන්නේ, ගමන් මලු මගහැරුණු අයකු සිටී නම් තම බඩු බාහිරාදිය ලබාගැනීම සඳහා වලංගු හැඳුනුම්පතක් සහිතව එම ස්ථානයට පැමිණෙන ලෙසයි.
මීට අමතරව, වැඩිදුර විමසීම් සඳහා එම දෙපාර්තමේන්තුව විසින් ජංගම දුරකථන අංක තුනක් ලබා දී තිබේ.
එම දුරකතන අංක වන්නේ : 071-580 3000, 077-531 1797 සහ 071-096 5890.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart