April 28, 2025

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීට සුළු මොහොතකට පෙර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ සිදුකළ බව කියන මුල්‍ය අවභාවිතය සම්බන්ධයෙන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපතිවරයා අල්ලස් කොමිසමට කැඳවා තිබේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අප්‍රේල් 17 වැනි දින අල්ලස් කොමිසම හමුවේ පෙනීසිටින ලෙස මුලින් දැනුම් දී තිබුණද එදිනට පැමිණීමට නොහැකි බව ඔහු දැනුම් දීම හේතුවෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඒ වෙනුවට අද පෙනී සිටින ලෙස දැනුම් දී තිබිණි.