April 28, 2025

කතරගම දෙවියන් ආරූඪ වී මාර්ගයේ ගමන්ගත් වාහනවලට පහරදුන් පොලිස් කොස්තාපල්වරයෙකු චුන්නාකම් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති පොලිස් කොස්තාපල්වරයා වුන්නාකම් පොලිසියට අනුයුක්තව සේවය කරන අයකු බව පොලිසිය පවසයිවා.

පසුගිය 24 වැනිදා මෙම පොලිස් කොස්තාපල්වරයා තනිකඩ බට නිවාසයේ රැඳී සිටියදී මෙලෙස කතරගම දෙවියන් ආරූඩ වී ඇති අතර, ඔහු යතුරුපැදියකින් ගොස් කනදරාව ප්‍රදේශයේ මාර්ගයේ ගමන් කරමින් තිබූ වාහන වලට පහරදෙමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය අනාවරණය කරයි.

මෙම සිදුවීමට අදාළව යාපනයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නියෝග මත පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කළ බව පොලිසිය වැඩිදුරටත් පවසයි.