
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ට්‍රම්ප් පරිපාලනය විසින් පනවන ලද නව තීරුබදුවලින් පසුව මතුව තිබෙන වෙළඳ ගැටලු විසඳීම සඳහා සළකා බැලීම සඳහා ශ්‍රී ලංකාව එක්සත් ජනපදයෙන් යෝජනා ඉල්ලා තිබේ.
ඒ, ද්‍රව නයිට්රජන් වායුව, ඛනිජ තෙල් නිෂ්පාදන සහ වාහන ආනයනය කිරීමට එකඟ වන අතරතුරය.
මෙම පියවර ගනු ලැබුවේ මෙම සතියේ එක්සත් ජනපද වෙළඳ දෙපාර්තමේන්තු නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවේම යෝජනා ඉදිරිපත් කරමිනි.
දෙපාර්ශ්වය අතර ප්‍රතිපත්තිමය එකඟතාවකට පැමිණීමට අපේක්ෂා කරමින් ශ්‍රී ලංකා දූත පිරිස ඉදිරි සති කිහිපය සඳහා වොෂින්ටනයේ රැඳී සිටීමට තීරණය කර ඇත.
අවශ්‍ය නම් අදාළ අත්හිටුවීම දීර්ඝ කිරීමට ඉඩ ඇතැයි ද වාර්තා වේ.
“අපි LNG, ඛනිජ තෙල් නිෂ්පාදන සහ වාහන ඇතුළුව තවත් භාණ්ඩ එක්සත් ජනපදයෙන් මිලදී ගැනීමට කැමැත්ත ප්‍රකාශ කළා, මෙම තත්ත්වය ජය ගන්නේ කෙසේදැයි බැලීමට අනෙක් පැත්තෙන් යෝජනා ඉල්ලා සිටියා,” යනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
ශ්‍රී ලංකාව ද තීරුබදු සංශෝධනය කිරීමට සහ වෙළඳ අතිරික්තය අඩු කිරීමට කැමැත්ත පළ කළේය.
ශ්‍රී ලංකාව මත පනවා ඇති සියයට 44ක ‘අන්‍යෝන්‍ය’ තීරුබදු ලිහිල් කිරීම සඳහා ගිවිසුමක් ඇති කර ගැනීම සඳහා එක්සත් ජනපද වෙළඳ නියෝජිතයන් සමඟ වොෂින්ටනයේදී සාකච්ඡා පැවැත්විණි.
44% තීරුබදු පැනවීම වළක්වා ගැනීමට ශ්‍රී ලංකාව උනන්දු වන බැවින් සහ එම බදු ආර්ථිකයට අහිතකර බලපෑමක් ඇති කරන අතර ඇඟලුම් කර්මාන්තයට වඩාත්ම බලපානු ඇති බැවින්, එක්සත් ජනපද නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමේදී සියලුම යෝජනා ඉදිරිපත් කළ බව ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ප්‍රකාශකර තිබේ.
ශ්‍රී ලංකා දූත පිරිස අඟහරුවාදා එක්සත් ජනපද වෙළඳ නියෝජිත ජේමිසන් ග්‍රියර් සහ ඔහුගේ කණ්ඩායම සමඟ සාකච්ඡා පවත්වා තිබේ.
සාකච්ඡා අතරතුර, හැකි කෙටිම කාලය තුළ ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුමක් අවසන් කිරීමට දෙපාර්ශ්වයම කැමැත්ත පළ කර ඇත.
“ඉන්දියාව හැරුණු විට තීරුබදු ගැටලුව සම්බන්ධයෙන් අමෙරිකා එක්සත් ජනපදය සමඟ සංකල්පීය ගිවිසුමකට එළඹුණු එකම දකුණු ආසියානු රට අපියි,” යනුවෙන් විදේශ අමාත්‍ය විජිත හේරත් පැවසීය.
මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම, මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්‍ය ලේකම් මහින්ද සිරිවර්ධන යන පිස ශ්‍රී ලංකා දූත පිරිසට අයත් වූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart