April 26, 2025

‘දුරකථන ලකුණ’ යල් පැනගිය එකක් බවත්, ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ඊට සහාය නොදිය යුතු බවත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් පවසයි.

අම්පාර දිස්ත්‍රික්කයේ පැවැති පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක රැස්වීමකදී සිය ආධාරකරුවන් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

“දුරකථන ලකුණ මියගොස් බොහෝ කල්, අපි ඒ සඳහා ඡන්දය ඉල්ලන්නේ නැහැ,” මන්ත්‍රීවරයා එහිදී පැවැසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් එහිදී සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය අතර පවතින සබඳතාවය පිළිබඳව ද එහිදී අදහස් පළකළ අතර, ඔහු පෙන්වා දුන්නේ දෙපාර්ශ්වය අතර අනාගතයේදී සහයෝගීතාවක් ගොඩනගා ගන්නේ ද යන්න පිළිබඳව බැරෑරුම් ලෙස සලකා බැලිය යුතු බවයි.

“මේ පාර පළාත් පාලන මැතිවරණයට අපි වෙනම තරග කරනවා. නුවර වුණත් සභා 11කට අපි වෙනම තරග කරනවා. මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් සමගි ජනබලවේගය යටතේ තරග කරන්නේ ආසන 3කට පමණයි, ඒ ඔවුන්ගේ තීරණය මත සහ සමගි ජනබලවේගයේ සංවිධායකවරුන්ගේ ඉල්ලීම මත පමණයි” පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් පැහැදිලි කළේය.