
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝග්‍රෑම් 500 කට ආසන්න තොගයක් සඳුදා (අප්‍රේල් 28) පුත්තලමේ දී පුළුස්සා දමන බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.
ඒ අනුව, අධිකරණ සාක්ෂි ලෙස තබා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 494.48 ක් පුත්තලම, පාලවිය සිමෙන්ති කර්මාන්ත ශාලාවකදී පුළුස්සා දැමීමට නියමිතය.
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් 2021 දෙසැම්බර් මාසයේදී සිදුකරන ලද ඒකාබද්ධ මෙහෙයුමකදී විදේශීය ජාතිකයන් හයදෙනෙකු අත්අඩංගුවට ගැනීමේදී සොයාගත් හෙරොයින් කිලෝග්‍රෑම් 250.996 ක් සහ 2022 අප්‍රේල් මාසයේදී අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ විදේශීය ජාතිකයන් හත්දෙනෙකු සතුව තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 243.052ක තොගයක් මීට ඇතුළත් වේ.
අධිකරණ නියෝගයක් මත පදනම්ව, සඳුදා පෙ.ව. 7.00ට කොළඹ මහාධිකරණයෙන් හෙරොයින් තොගය ලබාගෙන පුත්තලමේ සිමෙන්ති කර්මාන්ත ශාලාවට ප්‍රවාහනය කරන බව පොලිසිය පවසයි.
මෙම අවස්ථාවට මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, අමාත්‍යාංශ නිලධාරීන් සහ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සහභාගී වීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart