April 23, 2025

බොරැල්ල කනත්ත වටරවුමේදී දැවැන්ත ගසක් කඩාවැටීමෙන් වාහන 7 කට හානි සිදුවී ඇති බව පොලිසිය පවසයි.

මෙම සිද්ධිය හේතුවෙන් අද උදෑසන එම ප්‍රදේශයේ රථවාහන ගමනාගමනයට සැළකිය යුතු ලෙස බාධා එල්ල වී ඇති අතර, වගකිව යුතු අංශ කඩිනමින් මාර්ගය පිරිසිදු කිරීමට කටයුතු කර ඇත.

කෙසේවෙතත් මෙතෙක් කිසිදු තුවාලකරුවකු වාර්තා වී නොමැත.