April 22, 2025

පූජ්‍ය බානගල උපතිස්ස හිමියන්ගේ නායකත්වයෙන් යුත් භික්ෂුන් වහන්සේ පිරිසක් ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේට පුෂ්පෝපහාර දැක්වීමට කටයුතු කර තිබේ.

පාප් වහන්සේගේ අභාවය පිළිබඳ පුවත වාර්තා වී පැය කිහිපයකට පසු, මාකොළ පිහිටි විහාරස්ථානයේ දී ෆ්‍රැන්සිස් පාප් වහන්සේට මෙලෙස පුෂ්පෝපහාර දකවා ඇත.

වතිකානුව ඊයේ නිවේදනය කළේ පාස්කු ඉරිදා ශාන්ත පීතර චතුරශ්‍රයේ ප්‍රසිද්ධියේ පෙනී සිට දිනකට පසු ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වූ බවයි.