
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සිවිල් ක්‍රියාකාරීන්, දේශපාලන ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන් වැනි පිරිස්වල “විරෝධය නොසලකා සම්මත කරගන්නා ලද” මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත අහෝසි කිරීමට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
මීට ඉහතදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට අදාළව පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ද මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.
2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත අවලංගු කිරීම සඳහා වූ පනත් කෙටුම්පත ලෙස නම් කර ඇති යෝජනාව අප්‍රේල් 8 වන දා ගැසට් පත්‍රයෙන් ප්‍රසිද්ධියට පත් කර ඇත.
2024 ජනවාරි 24 වන දා පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත කර ගන්නා ලද මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත එම වසරේ පෙබරවාරි 1 වන දා සිට බලාත්මක විය.
රවී යෝජනාවක් ගෙනාවේ ඇයි?
යුරෝපා සංගමයෙන් මෙරටට හිමිව ඇති වරණීය බදු සහනය (GSP+) ආරක්ෂා කර ගැනීමේ අරමුණ ඇතිව මෙම යෝජනාව ඉදිරිපත් කළ බව රවී කරුණානායක මන්ත්‍රීවරයා බීබීසී සිංහල කළ විමසීමකදී පැවසීය.
“මම මේක ඉදිරිපත් කළේ අපේ ලේබර් ජීඑස්පී ආරක්ෂා කරගන්න ඕනනේ. ඒක නැති වුණොත් ඔක්කොම ඉවරයිනේ.
“මේකේ හැම දෙනාට ම නීතිය එක හා සමානව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. බලයක් තියෙන කට්ටියට කරගන්න පුළුවන් නැතිනම් පොලිසිය නිකං ඉන්නවා. ඉතින් ඒක නිවැරදි කරන්න ඕනේ, නැතිනම් අහෝසි කරලා අලුත් එකක් ගෙන්න ඕනේ,” ඔහු පැවසීය.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත අහෝසි කිරීම, මෙරටට ලැබී ඇති GSP+ සහනය ඉදිරියට පවත්වාගෙන යාමට ඉදිරිපත් කර ඇති එක් කොන්දේසියක් බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ය.
යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම 2024 ජනාධිපතිවරණය පිළිබඳ සිය අවසන් වාර්තාවෙන් ද මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සහ ත්‍රස්තවාදය වැළැක්විමේ පනත ඇතුළු සීමාකාරී නීති ඉවත් කර අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ආරක්ෂා කරන ලෙස රජයට අවධාරණය කර තිබේ.
රවීගේ යෝජනාව ගැන ආණ්ඩුවේ ප්‍රතිචාරය
“කොහොමත් ඉතින් අපි ඔන්ලයින් පනත සංශෝධනය කරන්න කටයුතු කරමින් ඉන්නේ. ඒක ඉතින් ආණ්ඩුවේ වැඩක් නේ,” යැයි ඉදිරිපත් වී ඇති යෝජනාව පිළිබඳව බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසීය.
අමාත්‍යංශය කිහිපයක් එක්වී මෙම පනත වෙනස් කිරීමට කටයුතු කරමින් සිටින බවත් දැනට ඉදිරිපත් වී ඇති සංශෝධන ගණනාවක් ඇති බව ත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
“සමහර විට මුලුමනින් ම ඒක වෙනස් වෙනත් පුළුවන්. ඒ වගේ ම අලුත් සංශෝධන එන්නත් පුළුවන්,” යැයි අමාත්‍ය මණ්ඩල ප්‍රකාශක නලින්ද ජයතිස්ස සඳහන් කළේය.
සංශෝධනය කරන බව පවසමින් සම්මත වූ පනත
ඔන්ලයින් පරිසරය තුළ සිදුවන වංචනික ක්‍රියා, කාන්තා හිංසන සහ ළමා අපචාර ආදී ක්‍රියා වැළක්වීමේ සඳහා නව නීති හඳුන්වා දීමට හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් මෙම පනත ගෙන එන ලදී.
එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරමින් පෙත්සම් 50කට වැඩි ගණනක් ඉදිරිපත් විණි.
එහිදී මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාව ප්‍රකාරව, පාර්ලිමේන්තුවේදී විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බව ත්, වගන්ති කිහිපයක් යෝජිත සංශෝධනයන්ට යටත්ව පනත් කෙටුම්පතෙහි පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී සංශෝධනය කරන්නේ නම් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ ය.
එම පෙත්සම් විභාගයට ගත් 2023 වසරේ ඔක්තෝම්බර් 18 වන දා ‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත’ සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය.
අනුමත නොකරන ලෙස කතානායකවරයාට කළ ඉල්ලීම
එමෙන් ම, මෙම පනත පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග අකුරට ම පිළිපදින තුරු ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත අනුමත කිරීමෙන් වළකින ලෙස සිවිල් සංවිධාන සහ ප්‍රමුඛ පෙළේ ක්‍රියාකාරීන් රැසක් සහ දේශපාලන පක්ෂ කිහිපයක් විසින් එවකට කතානායක මහින්ද යාපා අබේවර්ධනගෙන් ඉල්ලීමක් ද කරනු ලැබ තිබිණි.
එහෙත් හිටපු කතානායකවරයා එම ඉල්ලීම් නොතකමින් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත බලාත්මක කිරීමට සිය අනුමැතිය ලබා දුන්නේ ය.
සම්මත වූ පසුවත් වැටුණු නඩුව
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසුව අදාළ පනත සම්මත කර ඇති ආකාරය නීතියට පටහැනි බව සඳහන් කරමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය ඇතුළු පාර්ශව කිහිපයක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් ගොනු කරනු ලදී.
අදාළ පෙත්සම් 2025 පෙබරවාරි 5 වන දා කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න අධිකරණයට දැනුම් දුන්නනේ, ජාතික ජනබලවේගය රජය ‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනතට’ නව සංශෝධන කිහිපයක් ගෙන ඒමට තීරණය කර ඇති බව ය.
ඊට අදාළව ඉදිරියේදී අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිතව බවත් පසුගිය රජය සමයේ ද සංශෝධන ගෙන ඒමට පියවර ගෙන තිබුණ නමුත්, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග ම එම කටයුතු අඩාළ වූ බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පවසා තිබිණි.
අදාළ පනතට සංශෝධන ගෙන ඒම සම්බන්ධයෙන් රජය කටයුතු කරමින් සිටින බැවින් එහි ඉදිරි ප්‍රගතිය සලකා බැලීමෙන් අනතුරුව මෙම පෙත්සම් සම්බන්ධයෙන් කටයුතු කිරීම සුදුසු බව පැවසූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එම පෙත්සම නැවත සලකා බැලීම මෙම වසරේ ජූනි 23 වන දා දක්වා කල් තැබිණි.
ඔන්ලයින් පනත යොදා ගත් නඩු කිහිපයක්
දැනට ක්‍රියාත්මක මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත උපයෝගී කර ගනිමින් සිදුවන අධිකරණ කටයුතු කිහිපයක් පවතී.
මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක සිය පෞද්ගලික තොරතුරු සමාජ මාධ්‍ය සහ වෙනත් මාධ්‍යවල පළ කිරීම වළක්වාලමින් ඔහුගේ හිටපු ලේකම්වරියකට එරෙහිව නඩු පවරා වාරණ නියෝගයක් ලබා ගත් අතර එම නඩුකරය මෙම පනත නීතියෙන් ක්‍රියාවට නැංවු පළමු අවස්ථාව ලෙස සැලකේ.
ඊට අමතරව මීට දින කිහිපයකට ඉහතදී විශ්‍රාමික මේජර් ජෙනරල් අශෝක තෝරදෙණිය විසින් ඉන්ද්‍රානන්ද සිල්වා නැමැත්තෙකුට එරෙහිව ද තමන් පිළිබඳව විද්‍යුත් මාධ්‍ය, මුද්‍රිත මාධ්‍ය හෝ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය, පළ කිරීම වළක්වාලමින් තහනම් නියෝගයක් ගනු ලැබීය. (BBC)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart