
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ෆ්රැන්සිස් පාප් වහන්සේගේ අනුප්රාප්තිකයා සළකා බැලීමට ඉදිරිපත් විය හැකි අපේක්ෂක ලැයිස්තුවට කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ද ඇතුළත් බව NBC පුවත් සේවය වාර්තා කර තිබේ.දැනට උන්වහන්සේ 77 වැනි වියේ පසුවෙයි.
පාප් වහන්සේගේ අනුප්රාප්තිකයා පිළිබඳ තීරණය ගැනීමට බොහෝ කාලයක් ගතවනු ඇතැයි හෝ තරමක් විවාදාත්මක වනු ඇතැයි සිතිය නොහැකි වුවද, තෙරිපත්වන්නේ කවුරුන්ද යන්න පූර්ව නිගමනයක් නොවන බව වතිකානු නිරීක්ෂකයෝ පවසති.
අනෙකුත් අපේක්ෂකයින් අතර ජෙරුසලමේ ලතින් කුලදෙටු කාදිනල් පියර්බැටිස්ටා පිසාබල්ලා (60), බිෂොප්වරුන්ගේ සිනොඩ්හි මහලේකම් මෝල්ටා කාදිනල් මාරියෝ ග්රෙච් සහ යැන්ගොන්හි අගරදගුරු බුරුමයේ කාදිනල් චාල්ස් මුවාං බෝ ද සළකා බැලිය හැකි බව එම පුවත් සේවය වාර්තා කරයි.
වියානාහි අගරදගුරු කාදිනල් ක්රිස්ටෝෆ් ෂෝන්බෝන්, අන්තර්ජාතික අගරදගුරු පදවියක් පාලනය කිරීමේ වැදගත්කම තේරුම් ගන්නා ගෞරවනීය චරිතයක් වන බව එම වාර්තාවේ දැක්වේ.
වයස සහ අත්දැකීම් අනුව ක්විබෙක්හි අගරදගුරු කැනේඩියානු කාදිනල් ජෙරල්ඩ් ලැක්රොයික්ස් බැහැර කළ හැකි බවත් ඊට හේතුව 67 වැනි වියේ පසුවන ඔහු ඉතා තරුණ යැයි සළකනු ලැබීම බවත් එම වාර්තාව කියයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart