April 20, 2025

මැයි 6 වැනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම අප්‍රේල් 24, 25, 28 සහ 29 යන දිනවල පමණක් සිදු කෙරෙන බව එම කොමිසම නිවේදනය කර ඇත.