April 20, 2025

සිරුරට ගිනි තබා ගැනීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ පොලිස් නිලධාරියෙකු ප්‍රතිකාර සඳහා පොළොන්නරුව රෝහලට ඇතුළත් කර තිබේ.

පොලීසිය පැවසුවේ එම සිදුවීමට මුහුණ පා ඇත්තේ පුලස්තිපුර පොලිස් ස්ථානයට අනුයුක්තව විශේෂ රාජකාරි පදනම මත පොළොන්නරුව පොලිස් ස්ථානයට අනුයුක්ත කර පොලිස් අධිකාරි කාර්යාලයේ ප්‍රධාන දොරටුවේ රාජකාරි කරනු ලබන පොලිස් සැරයන්වරයෙකු බවයි.

ඔහු පොළොන්නරුව ප්‍රදේශයේ කාන්තාවක් සමග අනියම් සම්බන්ධතාවක් පවත්වා ඇති බවත්, එම කාන්තාව සම්බන්ධතාව නවතා දමා ඇති බවත් පොලීසිය පවසයි.

ඒ හේතුවෙන් අදාළ නිලධාරියා පෙට්‍රල් අඩංගු බූලියක් රැගෙන අදාල කාන්තාව පදිංචි නිවස ඉදිරිපිටට ගොස් දොරට තට්ටු කල ද එය විවෘත නොකිරීම හේතුවෙන් රැගෙන ගිය පෙට්‍රල් සිරුරට හලා ගෙන ගිනි තබා ගෙන ඇතැයි ද පොලීසිය පවසයි.