
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා විමර්ශනය කිරීම සඳහා වන විමර්ශන කමිටුව පත් කිරීමේ කටයුතු ඉදිරි දින කිහිපයේදී කථානායක ජගත් වික්‍රමරත්න විසින් අවසන් කිරීමට නියමිත බව වාර්තා වේ.
බලය අනිසි ලෙස භාවිත කිරීම ඇතුළුව එල්ල වී ඇති චෝදනාවලට අදාළව දේශබන්දු තෙන්නකෝන් එම තනතුරෙන් ඉවත් කිරීම සඳහා විමර්ශන කමිටුවක් පත් කළ යුතු බවට වන යෝජනාවක් අප්‍රේල් 8 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත විය.
යෝජනාවට අනුකූලව පත් කිරීමට නියමිත ත්‍රිපුද්ගල විමර්ශන කමිටුව අගවිනිසුරුවරයා විසින් නිර්දේශ කරනු ලබන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු විසින් මෙහෙයවනු ලැබේ.
යෝජනාව සම්මත වීමෙන් පසු පාර්ලිමේන්තුව විසින් යවන ලද දැනුම්දීමට ප්‍රතිචාර වශයෙන් අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු විසින් කාරක සභාවේ ප්‍රධානියා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයෙකුගේ නම නිර්දේශ කර ඇති බව sundaytimes පුවත්පත වාර්තා කරයි.
ඒ අනුව 2002 අංක 5 දරන නිලධාරීන් ඉවත් කිරීමේ (ක්‍රියාපටිපාටිය) පනතට අනුව ජාතික පොලිස් කොමිසමේ සභාපති, හිටපු මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතා එම කමිටුවේ සාමාජිකයෙකු වනු ඇතැයි පැවසේ.
කමිටුවේ තෙවැනි සාමාජිකයා අග්‍රාමාත්‍යවරයාගේ සහ විපක්ෂ නායකවරයාගේ එකඟතාව ඇතිව කථානායකවරයා විසින් පත් කරනු ලබන නීති ක්ෂේත්රයේ හෝ රාජ්‍ය පරිපාලන කළමනාකරණ ක්ෂේත්රයේ කීර්තිමත් පුද්ගලයකු විය යුතුය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart