
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වැඩසිටින දළදා වහන්සේගේ බවට නිරූපණය වන පරිදි අන්තර්ජාලය ඔස්සේ සංසරණය වන ඡායාරූපයක් සම්බන්ධයෙන් පොලීසිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනයේ දැක්වෙන්නේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පැවැත්වෙන ‘සිරි දළදා වන්දනාව’ සඳහා පැමිණි පුද්ගලයෙකු විසින් ලබා ගන්නා ලද ඡායාරූපයක් බවට නිරූපණය වන ඡායාරූපයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බවයි.
එහෙත් දළදා වන්දනාවට සහභාගී වන සැදැහැවතුන්ට ඔවුන්ගේ ජංගම දුරකථන ක්‍රියාකාරීව තබා ගැනීමට හෝ දළදා වහන්සේගේ ඡායාරූප ලබා ගැනීමට කිසිදු අවසරයක් ලබා දී නොමැති බව එම නිවේදනයෙන් පොලීසිය පවසයි.
එවන් පසුබිමක් තුළ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන මෙම ඡායාරූපය දළදා වන්දනාව පැවැත්වෙන කාල සීමාවේදි ලබා ගන්නා ලද ඡායාරූපයක්ද යන්න සම්බන්ධයෙන් මෙන්ම එය කවුරුන් විසින් ලබා ගත් ඡායාරූපයක් ද මෙන්ම නැතහොත් එය සංස්කරණය කරන ලද ඡායාරූපයක් ද පිළිබඳ අනාවරණ කර ගැනීම සඳහා වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලීසිය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart