April 20, 2025

තමන් පාස්කු සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළ බැවින් යුක්රේනයේ සියලු හමුදා ක්‍රියාකාරකම් නවත්වන ලෙස තම හමුදාවන්ට නියෝග කළ බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා තිබේ.

පැය 30 ක සටන් විරාමය මොස්කව් වේලාවෙන් ඉරිදා රාත්‍රී 10 දක්වා බලපැවැත්වෙනු ඇතැයි ද පුටින් පවසයි.

එහෙත් ඔහු දැනුම් දී ඇත්තේ ඇති විය හැකි ඕනෑම උල්ලංඝනයකට ප්‍රතිචාර දැක්වීමට රුසියානු හමුදා සූදානම් විය යුතු බවයි.

කෙසේවෙතත් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි පවසා ඇත්තේ යුක්‍රේනය ද සටන් විරාමයට අනුගත වන නමුත් රුසියාව එය බිඳ දැමූ බවයි.

රුසියාව හදිසියේම පූර්ණ සහ කොන්දේසි විරහිත නිශ්ශබ්දතාවයේ ආකෘතියක නිරත වීමට සූදානම් නම්, යුක්රේනය ඒ අනුව ක්‍රියා කරනු ඇතැයි සෙලෙන්ස්කි පවසා තිබේ.

එහෙත් රුසියාවේ කර්ස්ක් සහ බෙල්ගොරොද් ප්‍රදේශවල සටන් අඛණ්ඩව පවතින බවත් රුසියානු ඩ්‍රෝන යානා එම ප්‍රදේශවල
ක්‍රියාකාරීව බවත් ඔහු පැවසීය.