
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වසර 20 කට වැඩි කාලයක් බහරේනයේ අතරමංව සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් ඇයගේ පුත්‍රයා ද සමග යළි මෙරටට ගෙන්වා ගෙන තිබේ.
අදාළ කාන්තාව දියවැඩියා රෝගයට සම්බන්ධ සංකූලතාවයකින් ද පෙළෙන බව වාර්තා වේ.
හුස්ම ගැනීමේ අපහසුතාවයක් හේතුවෙන් ජනවාරි මාසයේදී සල්මානියා වෛද්‍ය සංකීර්ණයට ඇතුළත් වූ කදීජා නමැති 47 හැවිරිදි එම කාන්තාව වලංගු ලියකියවිලි නොමැතිව බහරේනයේ ජීවත්ව සිට ඇත.
2007 වසරේ සල්මානියා වෛද්‍ය සංකීර්ණයේදී උපත ලැබූ ඇයගේ 18 හැවිරිදි පුත් රෆික්ට ද නිසි ලියකියවිලි නොමැති බවත් උප්පැන්න සහතිකයක් හෝ විදේශ ගමන් බලපත්‍රයක් හෝ නොතිබූ බවත් වාර්තා වේ.
බහරේනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, බහරේන් ආගමන බලධාරීන්, සල්මානියා වෛද්‍ය සංකීර්ණයේ වෛද්‍ය කාර්ය මණ්ඩලය සහ සිවිල් සමාජ සංවිධාන කිහිපයක් අතර සම්බන්ධීකරණයෙන් ඔවුන් මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
එමෙන්ම රෆික්ගේ උපත තහවුරු කරමින් සල්මානියා වෛද්‍ය සංකිර්ණය විශේෂ සහතිකයක් ද නිකුත් කර ඇතැයි මේ බව වාර්තා කරන විදෙස් ජනමාධ්‍ය පවසයි.
ඒ ඔස්සේ කදීජාට සහ රෆික්ට මෙරටට පැමිණීම සඳහා අවශ්‍ය සංචාරක ලියකියවිලි සැකසීමට බහරේනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පහසු වී තිබේ.
ඔවුන් ඉකුත් බ්‍රහස්පතින්දා ගල්ෆ් එයාර් ගුවන් යානයකින් මෙරටට පැමිණ තිබූ අතර කදීජාට පවතින සෞඛ්‍ය ගැටලු හේතුවෙන්
ඇයව වෛද්‍ය කණ්ඩායමක් ද සමග මෙරටට යොමු කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart