April 19, 2025

2024 අංක 9 දරන ඔන්ලයින් ආරක්ෂණ පනත අවලංගු කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කර තිබේ

මෙම පනත් කෙටුම්පත සම්මත වීමත් සමඟ 2024 අංක 9 දරන ඔන්ලයින් ආරක්ෂණ පනත අහෝසි වන බව එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.

මීට අදාළ රෙගුලාසි තිබේ නම් එම සියලු රෙගුලාසි ද ඉවත් කරන බව එම ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මෙම පනතේ සිංහල සහ දෙමළ භාෂා පාඨ අතර කිසියම් නොගැලපීමක් ඇති වුවහොත් සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු බව ද ගැසට් නිවේදනයේ සඳහන්ව තිබේ.

ගැසට් කර ඇති පනත් කෙටුම්පත පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක විසින් ඉදිරිපත් කර තිබිණි.

ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වූයේ 2024 ජනවාරි 24 වනදායි.