April 19, 2025

පියා විසින් පැදවූ ටිපර් රථයට යටවී කුඩා දැරියක මිය යාමේ ඛේදජනක පුවතක් කිලිනොච්චිය ප්‍රදේශයෙන් වාර්තා වේ.

එලෙස මිය ගොස් ඇත්තේ කිලිනොච්චිය අම්බල්කුලම් ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 01 යි මාස 06 ක් පමණ වූ දැරියක් බව පොලීසිය පවසයි.

දැරිය නිවසේ ඉදිරිපිට මිදුලේ සිටියදී ඇගේ පියා විසින් පදවන ලද ටිපර් රථයකට යටවී මෙම අනතුරට මුහුණ පා තිබේ.