April 18, 2025

ප්‍රදේශ කිහිපයක මෑත කාලීන වැසි සහිත තත්ත්වයන් හේතුවෙන් ලෙප්ටොස්පයිරෝසිස් (මී උණ) අවදානම සැළකිව යුතු ලෙස වැඩි වී ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

පෙර වසරට සාපේක්ෂව 2024 දීද මී උණ රෝගීන් වැඩි සංඛ්‍යාවක් වාර්තා විය.

විශේෂයෙන් අවදානමට ලක්ව ඇති අය අතර, මඩ සහිත සහ ජලයෙන් යට වූ ප්‍රදේශවල වගා කටයුතුවල නියැලී සිටින ගොවීන්, ගංවතුරෙන් පීඩාවට පත් පුද්ගලයන්, කුඹුරුවල වැඩකරන පුද්ගලයන් සහ පතල් හෝ ජලය ආශ්‍රිත වෙනත් වෘත්තීන්හි නියැලී සිටින අය ඇතුළත් වේ.