
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පෙර පාසලේ යහළු දරුවාගේ නිවෙසට අවුරුදු ගමනක් යෑමේ දී ජීප් රථය පටු මාර්ගයෙන් ඉවතට පැන යක්කලමුල්ල, වෙලංගහ, හේනදෙණිය ප්‍රදේශයේ දී අඩි 150ක් පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් ජීප් රථයේ ගමන්ගත් සිවුදෙනාගෙන් එක් අයෙක් මියගොස් තිදෙනෙක් බරපතළ තුවාල ලබා ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
මෙසේ අනතුරට ලක්වී ඇත්තේ යක්කලමුල්ල, ගල්අමුණ ප්‍රදේශයේ පදිංචි කේ.ඩබ්. සුරන්ජි ඉමාෂා නමැති 29 හැවිරිදි එක්දරු මවකි.
අනතුරින් තුවාල ලබා ඇත්තේ ජීප් රථය පදවාගෙන ගිය රියැදුරු ලෙස ක්‍රියා කළ මියගිය තැනැත්තියගේ ස්වාමිපුරුෂයා, නැන්දණිය හා සිවුහැවිරිදි දියණියයි.
යක්කලමුල්ල පෙරපාසලක ඉගෙනුම ලබන දියණියගේ යහළුවකුගේ නිවෙසට අවුරුදු ගමනක් යමින් සිටියදී මෙසේ පෙරේදා (16) රාත්‍රියේ දී 7.00ත්, 7.30ත් අතර කාලයේ දී පටු මාර්ගයේ දී ජීප් රථය මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරළී ඇත.
ජීප් රථය ප්‍රපාතයට පෙරළෙන අතරතුරේදී නැන්දණිය හා මිනිබිරිය ජීප් රථයෙන් ඉවතට විසිවී තිබේ.
මියගිය සුරන්ජි ඉමාෂා ප්‍රපාතයටම පෙරළුණු ජීප් රථයෙන් අවසන් වරට එළියට විසිවී ඇත.
ජීප් රථයේ ඇමැනුණු ගලක් ඇඟමත පෙරලීමෙන් බරපතළ තත්ත්වයෙන් බිරිය රෝහල්ගත කළ ද ඇය එහි දී මියගොස් තිබේ.
ජීප් රථය පදවා ඇති ආබාධිත සෙබලාපුද්ගලයා, නැන්දණිය හා දියණිය බරපතළ තුවාල ලබා ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
තුවාලකරුවන් බරපතළ තත්ත්වයෙන් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.
සිද්ධිය පිළිබඳව යක්කලමුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart