
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජර්මනියේ නඩු පවරන්නන් විසින් මනුෂ්‍ය ඝාතන 15ක් සම්බන්ධයෙන් වෛද්‍යවරයකුට චෝදනා ගොනුකර තිබේ.
ඒ, ඔහු තමන් වෙත පැමිණි සහන සත්කාර රෝගීන්ට මාරාන්තික ඖෂධ මාත්‍රා ලබාදුන් බවට චෝදනා කරමිනි.
හෙද සේවාවක සහන සත්කාර කණ්ඩායමේ සේවය කරන දැනට 40 හැවිරිදි වියේ පසුවන මෙම වෛද්‍යවරයා ද්වේශසහගත සහ වෙනත් පහත් චේතනාවන් මත ක්‍රියාකර ඇති බවට ද චෝදනා එල්ල වේ.
ජර්මානු රජයේ අභිචෝදක කාර්යාලයට අනුව, 2021 සැප්තැම්බර් සහ 2024 ජූලි අතර හෙද සේවාව මගින් රැකබලා ගත් රෝගීන් 15 දෙනෙකු වෛද්‍යවරයා විසින් ඝාතනය කර ඇති බවට චෝදනා එල්ල වේ.
මෙම පුද්ගලයා වෛද්‍ය අවශ්‍යතාවයකින් තොරව හෝ ඔවුන්ගේ අනුදැනුමකින් සහ අනුමැතියකින් තොරව නිර්වින්දනය කිරීමේ ඖෂධයක් සහ පසුව මාංශ පේශි ලිහිල් කිරීමේ ඖෂධයක් ලබාදුන් බව පැවැසේ.
දෙවැනි ඖෂධ නිසා ශ්වසන මාංශ පේශි අංශභාගයට හේතු වූ බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස හුස්ම හිරවී මිනිත්තු කිහිපයක් ඇතුළත එම රෝගීන් මරණයට පත්වූ බවත් පැවැසේ.
ඇතැම් අවස්ථාවලදී සැකකරු තම ක්‍රියාව වසන්කිරීම සඳහා වින්දිතයන්ගේ නිවෙස්වලට ගිනිතැබූ බව ද කියනු ලැබේ.
මියගිය පුද්ගලයන් අවුරුදු 56ත් 94ත් අතර වයස්වල පසුවන්නන් බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
විත්තිකරු 2024 අගෝස්තු මාසයේ සිට අත්අඩංගුවේ පසුවන අතර චෝදනා සම්බන්ධයෙන් ඔහු මෙතෙක් අදහස් දක්වා නොමැත.
ජර්මානියේ ප්‍රදේශ කිහිපයක වෛද්‍යවරයකු ලෙස ක්‍රියාකාරීව සිටි සැකකරුට ජීවිතාන්තය දක්වා වෘත්තීය තහනමක් පැනවීමට නඩු පවරන්නන් උත්සාහ කරයි.
විමර්ශනය අතරතුර, රජයේ අභිචෝදක කාර්යාලය පවසා ඇත්තේ, සමහර සිද්ධීන් සම්බන්ධයෙන් තවමත් පරීක්ෂණ සිදුවෙමින් පවතින බවයි.
විමර්ශන කණ්ඩායමක් වැඩිදුර සාක්ෂි සඳහා වෛද්‍යවරයාගේ රෝගී වාර්තා ද ඇගයීමට ලක්කරමින් සිටින බව පැවැසේ.
එමෙන්ම විමර්ශකයන් පවසන්නේ, 2021 දක්වා දිවෙන සිදුවීම් ඇති බැවින් තවත් වින්දිතයන් අනාවරණය කර ගැනීමට හැකි වනු ඇතැයි සැකකරන බව සහ ඒ ඔස්සේ මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart