
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කෙසෙල්වත්ත, පීර් සයිබු වීදියේ පිහිටි වෙළෙඳසැලක් වෙත පසුගිය 13 වනදා දහවල් කාලයේ යමින් සිටි කුඩා දරුවන් කණ්ඩායමක එක් දරුවෙකු අසල වූ තෙමහල් නිවසක යකඩ ගේට්ටුවකට තට්ටුකර දිවගොස් තිබුණි.
එය අසල වූ සීසීටීවී කැමරාවක ද සටහන්වී ඇත.
එම අවස්ථාවේදී මාර්ගයේ ගමන්කරමින් සිටි අදාළ නිවසේ පදිංචි තරුණයෙකු එම දරුවා අල්ලාගෙන නිවස තුළට බලහත්කරයෙන් රැගෙන යන අයුරු අදාළ දර්ශනවල දැක්වෙයි.
එලෙස නිවස තුළට දරුවා රැගෙන ගොස් බියගැන්වීම සඳහා නිවසේ දොර අගුළුදමා ඇති තරුණයා පසුව නිවසේ වැසිකිළියට ගොස් තිබේ.
ඒ අතරතුරදී දරුවා නිවසෙහි තෙවැනි මහලට ගොස් යාබද නිවසෙහි වහල මතට පැන අනතුරුව ඉන් බිමට පැන ඇති බව පොලීසිය සඳහන් කළේය.
එය අසල වූ සීසීටීවී කැමරාවක සටහන්වී ඇත.
එහිදී අඩි 10ක පමණ උසකින් බිමට පනින දරුවා බරපතළ තුවාල ලබා තිබේ.
ඔහු ප්‍රතිකාර සඳහා රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු නිවැසි තරුණයෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇපමත මුදාහැර තිබිණි.
කෙසේවෙතත් දරුවා නිවස තුළට ඔසවාගෙන ගිය තරුණයාට ඔහුගේ පියා දඬුවම් කිරීම හේතුවෙන් නිවසින් පිටව ගොස් ඇති බව ඔහුගේ පියා පවසයි.
අදාළ තරුණයා අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ක්‍රියාත්මකය. (Ada Derana)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart