
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමේ විශාල කුමන්ත්‍රණයක කොටසක් ලෙස විස්කොන්සින් හි උසස් පාසලක සිසුවකු තම මාපියන් ඝාතනය කර ඇති බව එරට ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) පවසයි.
17 හැවිරිදි Nikita Casap නමැති සැකකරුට ඔහුගේ මව වන Tatiana Casap (35) සහ ඔහුගේ සුළු පියා වන 51 හැවිරිදි Donald Mayer (51) ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අතර ඔවුන් පෙබරවාරි 28 වන දින ඔවුන්ගේ නිවසේ මියගොස් සිටියදී සොයාගෙන තිබිණි.
සැකකරුට චෝදනා එල්ලවී ඇති ආකාරයට ඔහුගේ දුරකථනයේ නව නාසි කණ්ඩායමක් වන ඕඩර් ඔෆ් නයින් ඇංගල්ස් සහ ඇඩොල්ෆ් හිට්ලර්ට ප්‍රශංසා කිරීම සම්බන්ධ තොරතුරු තිබේ.
අධිකරණ ලේඛනවලට අනුව, පාලනය පෙරළා දැමීමේ පුලුල් ඉලක්කයක කොටසක් ලෙස ට්‍රම්ප් මරාදැමීමේ ඔහුගේ සැලසුම් විත්තිකරු විසින් විස්තර කළ බව පැවැසේ.
එමෙන්ම සැකකරු සතුව තිබී යුදෙව් විරෝධී ලියවිලි ද විමර්ශකයන් විසින් සොයාගෙන තිබේ.
සැකකරුට පළමු මට්ටමේ චේතනාන්විත මනුෂ්‍ය ඝාතන සහ මළසිරුරක් සඟවා තැබීම සහ අනන්‍යතා සොරකම් කිරීම ඇතුළු තවත් අපරාධ හතක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත.
සැකකාර සිසුවා සති දෙකක් පාසලට නොපැමිණීම හේතුවෙන් සිදුකළ විමර්ශවලදී මෙම තොරතුරු හෙළිදරව් වී තිබේ.
ඒ හේතුවෙන් සිසුවා පිළිබඳ සොයාබැලීමට විමර්ශකයන් මිල්වෞකි අසල වෞකේෂා ගම්මානයේ පිහිටි ඔවුන්ගේ නිවසට පැමිණි විට එහිදී ඔහුගේ මව්පියන් මියගොස් ඇති බව සොයාගෙන ඇත.
සැකකරුගේ සුළු පියා වන මේයර් හිසට වෙඩිවැදීමකින් මියගොස් ඇති අතර, කැසාප් නමැති ඔහුගේ මව පෙබරවාරි 11 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී වෙඩිවැදී බහුවිධ තුවාල හේතුවෙන් මියගිය බව සැකකරුට එරෙහි අපරාධ පැමිණිල්ලේ සඳහන් වේ.
ඔවුන්ගේ සිරුරු සොයාගත් දිනයේම, මේයර්ට අයත් වොක්ස්වැගන් ඇට්ලස් රථයක් පදවාගෙන යමින් සිටියදී සැකකරු කැන්සාස් ප්‍රාන්තයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද බව විමර්ශකයෝ පවසති.
මෝටර් රථයේ පිස්තෝලයක්, මියගිය යුවළට අයත් ක්‍රෙඩිට් කාඩ්පත් හතරක්, වටිනා ස්වර්ණාභරණ සහ ඩොලර් 14,000 මුදලක් මෙන්ම බයිබලයක් තිබූ බව අපරාධ පැමිණිල්ලේ සඳහන් වේ.
විමර්ශකයන් විසින් සොයාගන්නා ලද ලේඛනවල සැකකරු දේශපාලන විප්ලවයක් ආරම්භ කිරීම සඳහා ට්‍රම්ප්ගේ ඝාතනය සැලසුම් කර ඇතැයි පැවැසේ.
මෙම ද්විත්ව ඝාතනය සැකකරුගේ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූල්‍ය මාර්ග සහ ස්වාධීනත්වය ලබාගැනීමේ උත්සාහයක් ලෙස පෙනීයන බව පරීක්ෂකයින් පවසයි.
විමර්ශකයන් පවසන්නේ, ඔහු ප්‍රහාරයක් සඳහා භාවිතා කිරීම සඳහා ඩ්‍රෝන යානයක් සහ පුපුරන ද්‍රව්‍ය සඳහා මුදල් ගෙවා ඇති අතර යුක්රේනයට පැනයෑමට සැලසුම් කර ඇති බවයි.
“ජනාධිපතිවරයා ඝාතනය කර එක්සත් ජනපදයේ ආණ්ඩුව පෙරළා දැමීමේ ඔහුගේ සැලැස්ම ගැන ඔහු වෙනත් පාර්ශවයන් සමඟ සම්බන්ධ වී ඇතැයි” යනුවෙන් විමර්ශකයෝ චෝදනා කරති.
සැකකරුට එරෙහිව අප්‍රේල් 9 වැනි දින මූලික අධිකරණ විභාගයක් පැවැත්විණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart